F1 - උතුම් ආරාම පූජා පුණ්‍ය කටයුත්ත (ශ්‍රී අරණ විහාරය)

සැලකිය යුතුයි :- මෙම පහත ෆෝර්මයේ සඳහන් තොරතුරු අදාල වන්නේ ප්‍රධාන වශයෙන් උතුම් ආරාම පූජා පුණ්‍ය කටයුතු (ශ්‍රී අරණ විහාරය) සඳහා වන පුණ්‍යාධාර තොරතුරු පමණක් ලොව්තුරු අරණ සදහම් මණ්ඩපය වෙත ලබා දීම උදෙසාය. ඔබ තොරතුරු ලබා දීමට උත්සාහ කරන්නේ වෙනත් පුණ්‍ය කටයුත්තකට නම් ඒ සඳහා ඉහල මෙනුවේ පුණ්‍යාධාර යටතේ “පුණ්‍යාධාර ලබාදීමෙන් පසුව” පිටුවට පිවිස එම අදාල ලින්ක් එක භාවිතා කරන්න.

පිරිසිදු බුද්ධ වචනය වූ ත්‍රිපිටක දහම ලෝක සත්වයාට මහත් වෙහෙසක් ගෙන දේශනා කරන ගෞරවණීය සුසිල ස්වාමීන් වහන්සේගේ සාසන මෙහෙවරට රුකුලක් වීමට ඔබ විසින් අතහැරීම පෙරදැරිව සිදුකළ, දිවා රෑ පිං වැඩෙන මෙම උතුම් පරිත්‍යාගයට ඔබට බොහෝ පිං සිදුවේවා! උතුම් ආරාම පූජාවේ දී සැමටම පොදුවේ පුණ්‍යානුමෝදනාවක් සිදුකිරීම උන්වහන්සේගේ බලාපොරොත්තුවයි. නම් ගම් වශයෙන් වෙන් වෙන්ව පුණ්‍යානුමෝදනා කිරීමට නොහැකි වූවත් ඉතාමත් විශේෂිත වූ යම් කාරණාවක් ඇත්නම් උන්වහන්සේව දැනුවත් කිරීම සඳහා එය පහත කෙටියෙන් සඳහන් කරන්න. තෙරුවන් සරණයි!

Please feel free to fill this form in English, if that is more convenient for you.

නිවනම පූර්ණ වෙත්වා!

සුඛී භවස්සු දීඝායු, තෙරුවන් සරණයි!

ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයේ කළණ මිතුරන්!