අනවරාග්ර සංසාරයක් පුරාවට මොහොතක් මොහොතක් පාසාම අසාර වූ දුක්ඛස්කන්ධයන් නැවත නැවත ගොඩනගමින් යන්නා වූ ඝෝර කටුක අසාර නින්දිත භව ගමනින් ලෝක සත්වයන් මුදවාලීම උදෙසා ම සියලු ලෝක සියලු සත්ත්වයන් කෙරෙහි අනන්ත වූ අපරිමිත වූ මහා කරුණාවෙන් අසිරිමත් ලොව්තුරු අමාමෑණී සම්මා සම්බුදුපියාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරන ලද්දා වූ ඒ අමා ශ්‍රී සද්ධර්මය ඉතාමත් නිවැරදිවත් නිරවුල්වත් සියලු ඉන්ද්‍රියයන්ට ගෝචර වන සේ උපමා උපමේය උපයෝගී කරගනිමින් විස්ථාරණය කොට සරලව පෙළ දහමට විනයට සූත්‍රයට මනාව ගැලපෙන සේ දේශනා ප්‍රාතිහාර්යයෙන් යුතුව අති පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරන්නට සහ සාකච්ඡා කරන්නට යෙදුනා වූ උතුම් නිවනටම උපකාරි වන්නාවූ සදහම් කරුණු සියලු ලෝ සතුන්ගේ හිත සුව පිණිස ම නිවී සැනසීම පිණිස ම මෙසේ ලොව්තුරු අරණ දහම් මණ්ඩපය හරහා ඉදිරිපත් කරන්නෙමු.
ඔව්, නිවන් දැකිය හැකියි
ජීවත්ව සිටියදි, මේ මොහොතේදී
ප්‍රඥාවෙන්
ඔබ තුළ ඇති එහෙත් ඔබ නොදන්නාම කාරණය
දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය නොදැනීමයි, එනම් කාමය දුක බව නොදැනීමයි
නැත, අවබෝධයෙන් පසුව අතහැරී යාමයි
සියල්ලම එකම දහමයි
නැත, ආර්‍ය්‍ය සත්‍යය අසා දැනගැනීමෙනි
නිවිය යුත්තේ ගින්නක් ඇත්නම් පමණි. ඔබතුල ගින්නක් ඇති බව ප්‍රඥාවෙන් දකින්න
ඉතාමත් ඉකමනින් පසුවෙන් සොයා ගත හැකියි. මෙම වෙබ් පිටුවෙහි හෝ ඉහළ තීරුවෙහි ඇති “සොයන්න” (Search) මත දහම් පරියාය ලියනාවාත් සමඟම පහළට වැටෙන ලිස්ට් එකෙන් තෝරා ගත හැකියි
ඔව්. මෙම වෙබ් පිටුවෙහි හෝ ඉහළ තීරුවෙහි ඇති “සොයන්න” (Search) මත දහම් ගැටලුව ලියනාවාත් සමඟම පහළට වැටෙන ලිස්ට් එකෙන් පිළිතුර ලබා ගත හැකියි.
ඔව්, ZOOM හරහා ඉදිරිපත් කල හැකියි. කෙසේ නමුත් මෙම වෙබ් අඩවිය තුල විශාල ධර්මස්කන්ධයක් අන්තර්ගත හෙයින්, ප්‍රථමකොට මෙම වෙබ් අඩවියේ “සොයන්න” (Search) මත ලියා දක්වන්න. බොහෝ දුරට ගැටලුවලට පිළිතුරු සොයා ගත හැකියි. එසේ නොමැති නම් ZOOM හරහා කෙලින්ම දහම් ගැටලුව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කල හැකියි. තවද වෙබ් පිටුවල දිස් වන CHAT හරහා ද, විමසීම් පිටුවෙහි ඇති FORM එක පිරවීමෙන් ද , YouTube comment ඔස්සේ ද, Facebook page එක ඔස්සේ ද ගැටලු ඉදිරිපත් කල හැකියි.
ඔව්, සියලු Video දේශනා වෙබ් අඩවිය තුලදීම ශ්‍රවණය කිරීම වගේම එය බෙදා හැරිය හැකියි (Share). සියලු Mp3 දේශනා බාගත කල හැකියි (Download)
උතුම් වූ නිවනම අරමුණු කරගෙන දේශනා කරා වූ, සූත්‍ර දේශනා, අභිධර්ම දේශනා, දහම් ගැටලු සහ පිළිතුරු ආශ්රයෙන් සියලු දේශනා ඇතුලත් කර ඇත.
ඉහළ menu bar එකේ දේශනා යටතේ ප්‍රධාන දේශනා යන්න තෝරන්න. එම දේශනා පිළිවෙලින් ශ්‍රවණය කීරීමට හැකි වන ලෙස එම පිටුව සකසා ඇත. එසේම ප්‍රධාන දේශනාව කොටස් කර ශ්‍රවණය කිරීමට පහසුවන සේ සෑදු කෙටි දේශනා ද එහිම අනුයුක්තකොට ඇත.
නොහැකිය, මෙම වෙබ් අඩවියේ සියලු දත්ත සිංහල භාෂාවෙන් ඇතුලත් කර ඇති නිසා යම් දේශනාවක් සෙවිමට සිංහල පමණක් ඇතුලත් කල යුතුයි.
ඔව්, ඔබගේ නිර්මාණ අප වෙත එවන්න, එය පරික්ෂා කර බලා පල කළ හැකියි.
ඔව්, මෙම වෙබ් අඩවිය desktop, mobile, tab යන සියලු උපකරණ වලට හොඳින් ප්‍රතිචාර දක්වයි.
Video දේශනාව මත ඇති කුඩා තිත් ඉරි තුන මතින් Share යන්න තෝරන්න එවිට එම දේශනාව පහසුවෙන්ම බෙදාහැරිය හැකියි (Share).
ඔබ පිවිස සිටින්නේ සුත්‍ර දේශනා සහ අභිධර්ම දේශනා ඇතුළු අති විශාල දේශනා දත්ත ගබඩාවකින් සමන්විත වෙබ් අඩවියකටය.
ඔබ නවකයකු නම් ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන් විසින් දැනට සිදුකර ඇති මූලික දහම් දේශනා වලට පළමුව හැකි තරම් සවන්දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.