මුදල් තැන්පත් කල පසුව, පහත අදාල මාතෘකාව click කර Form එකට පිවිස එහි සඳහන් අවශ්‍ය විස්තර අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මුදල් ලැබුණු බවට ස්වාමින් වහන්සේ හරහා අප දනුවත් වූ පසු එය ඔබට තහවුරු කිරීමේ පහසුව උදෙසා කරුණාකර පහත දැක්වෙන අදාල ෆෝර්මයන් පුරවා අප වෙත එවීමට කටයුතු කරන්න.
මුදල් තැන්පතු විස්තර එවීමේදී අප සමඟ පණිවුඩ හුවමාරුවට අපගේ පහත email ලිපිනය පමණක් යොදාගන්න LowthuruAranaMaga@gmail.com
වෙනත් මේ හා සමාන ලිපිනයන් භාවිතා කරමින් හෝ වෙනයම් කුමන ආකාරයකින් හෝ වංචාවන් සිදුකිරීමේ ඉඩ කඩ ඇති නිසා ඒ ගැන ප්‍රවේශම් වන්න. ඒ සමඟම මෙවැනි දේ සඳහා ස්වාමීන් වහන්සේගේ, ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ හෝ ලොව්තුරු අරණ සංවිධායක මඩුල්ලේ නාමයන් භාවිතා කරමින් වෙනත් කිසිවකු මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින වග දැනගතහොත් කරුණාකර ඒ බව අපට වහාම දන්වන්න.
ලොව්තුරු අරණ සංවිධායක මණ්ඩලයෙන් පිටත අයවලුන් සමඟ කෙරෙන මූල්‍යමය හෝ වෙනයම් කිසිම පුද්ගලික හෝ සාමූහික ගනුදෙනු සම්බන්ධව ලොව්තුරු අරණ සංවිධායකයින් මැදිහත් නොවන අතර, එවැනි ගනුදෙනු පිළිබඳව කිසිසේත්ම අපට වගකීමට හෝ සොයාබැලීමට නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු
නිවනම පූර්ණ වෙත්වා!
සුඛී භවස්සු දීඝායු, තෙරුවන් සරණයි!
ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයේ කලණ මිතුරන්!
ඔබ පිවිස සිටින්නේ සුත්‍ර දේශනා සහ අභිධර්ම දේශනා ඇතුළු අති විශාල දේශනා දත්ත ගබඩාවකින් සමන්විත වෙබ් අඩවියකටය.
ඔබ නවකයකු නම් ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන් විසින් දැනට සිදුකර ඇති මූලික දහම් දේශනා වලට පළමුව හැකි තරම් සවන්දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.