අමතං දදන්ති ධම්මමනුසාසති ~ ධර්මය දෙන්නා අමෘතය දෙන්නා වේ

ලොව්තුරු අරණ දහම් මණ්ඩපය හරහා ඔබ අප සැම දෙන ලබා ගත් නිවීම සැනසීම, ලෝ වැසි සියලු සත වෙත ලබා දීම පරම අභිලාෂය සේ සලකා මෙම පහත පුණ්‍ය කටයුතු දෙසා පින්වත් ඔබ සැමට ඇති හැකි අයුරින්අතහැරීම පෙරදැරිව, ධන පරිත්‍යාගයක් කිරීමට ඉදිරිපත්වන ලෙස සැදැහැ සිතින් ආරාධනා කර සිටිමු! 

මෙම පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඔබගේ පරිත්‍යාග මුදල් තැන්පත් කිරීමට ගරු කිවුල්දෙණියේ ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ නමින් ඇති පහත සඳහන් බැංකු ගිණුම පමණක්ම භාවිතා කරන ලෙස ඉතාමත් කරුණාවෙන්  ඉල්ලා සිටිමු. එම ගිණුමේ තැන්පතු සහ වියපැහැදම් ගරු සුසිල ස්වාමින් වහන්සේගේ පූර්ණ අධීක්ෂනය සහ අනුශාසනා මත සිදුවන බව කරුණාවෙන් සලකන්න.

ගිණුම් විස්තරය

නම: ගරු කිවුල්දෙණියේ ධම්මපාලි සිල්මාතාව (Ven. Kiwuldeniye Dhammapali Silmatha)

ගිණුම් අංකය: a/c No.121552198893 Sampath Bank | Kurunegala Metro Branch | Bank code 7278 | Branch code 215 | Bank's SWIFT code if needed is BSAMLKLX |

ලිපිනය: ශ්‍රී අරණ විහාරය, කටුකැලියාව, අනුරාධපුර

ඔබ පුණ්‍යාධාරය කරන්නේ කුමන අරමුදල් වෙනුවෙන් ද යන්න අපට සොයාගැනීමට පහසුවක් වීමට අදාල අරමුදලේ යොමු අංකය ලෙස පහත පෙන්වා ඇති පරිදි ඒ ඒ අරමුදල ඉදිරියෙන් දක්වා තිබෙන ඉංග්‍රීසි අකුර සහ ඉලක්කම භාවිතා කරන්න.

උදාහරණයක් ලෙස ඔබ පුණ්‍යාධාරය කරන්නේ උතුම් ආරාම පූජාව වෙනුවෙන් නම් බැංකුවේ මුදල් තැන්පත් කරන විටදී ලබන්නාගේ යොමුව – Beneficiary Reference ලෙස F1 සහ ඔබේ මුල් නමත් වාසගමේ මුල් අකුරත් යොදන්න. F1 යනු Fund 01 (උදා. F1-JagathK)

සූවිසි අසංඛ්‍යයක් ලෝ සතුන් නිවා සනසා අජරාමර නිවන් ශාන්තිය උරුම කර දුන් අසමසම මහාප්‍රාඥ මහාකාරුණික තුන් ලෝකාග්‍ර තිලෝගුරු අමාමෑණි ශාන්තිනායක සනරාමර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා නිර්මල ගාම්භීර ශ්‍රී සද්ධර්මය නැවත නැවතත් පිළිරැව් දෙමින් විරාජමානව මතු වෙමින් උන්වහන්සේගේ අනන්ත ගුණ වැයෙන, බණවර හතරකින් යුත් පුරා පැය 10ක සර්වරාත්‍රික ශ්‍රී සද්ධර්ම දේශනාව සහ සාකච්ඡාව, *අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර අභිනව ධර්ම ශාලාවේ දී සෑම මසකම අවසාන සෙනසුරාදා දිනයේදී සවස 6 සිට ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් * පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වී ඇත.

ඔබගේ පරිත්‍යාග එදින පහත කටයුතු සඳහා සුදුසු පරිදි යොදාගැනීමට බලාපොරොත්තු වෙමු 

1. රූපවාහිනි / ගුවන්විදුලි  මාධ්‍යය සඳහා ධර්ම දානය වෙනුවෙන් දායකත්වය
2. හවස දානය සහ ගිලන්පස
3. පසුදා උදෑසන කැඳ දානය / හීල් දානය
4. සිසිල් පැන් සහ ජලය
5. සැරසිලි සහ විදුලි ආලෝකය
6. බෙරකරුවන් උදෙසා දායකත්වය

මේ සඳහා වැඩි විස්තර ලබාගැනීමට අපට ලියන්න; LowthuruAranaMaga@gmail.com

සනරාමර රාත්‍රිය ගැන වැඩිදුරටත් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

ඔබ පුණ්‍යාධාර තැන්පත් කිරීමෙන් අනතුරුව කරුණාකර මෙම ෆෝර්මය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න.

බුදුසසුනේ සැබෑ චිරස්තිථිය උදෙසා ප්‍රතිපත්ති පූජාව මූලික ධර්ම දානයට අවශ්‍ය පුණ්‍ය භූමියක් නිර්මාණය කිරීමේ අභිලාෂය ඇතිව, අනුරාධපුර පූජා භූමි පරිශ්‍රයේ කටුකැලියාව ග්‍රාමයේ අභිනවයෙන් ඉදිවෙන ශ්‍රී අරණ විහාරයේ සියලුම ඉදිකිරීම් උදෙසා, ඇති හැකි අයුරින් අතහැරීම පෙරදැරිව සැදැහැ සිත් ඇතිව සහභාගි වීමට ඔබ සැමට කෙරෙන විවෘත ආරාධනාවයි මේ!

නව ආරාමය වෙනුවෙන් ඔබට සහභාගි විය හැකි පුණ්‍ය කටයුතු

  • පොදු අරමුදල
  • බෝධිඝරය
  • ධර්මශාලාව
  • බුදු මැදුර
  • ආවාස ගෙය
  • දාන ශාලාව
  • ජල සැපයුම් පද්ධතිය
  • වැසිකිළි පද්ධතිය
  • වතුර බිල
  • විදුලි බිල
  • සුනාථනා සෝථාවධානාඝරය
  • කුටි 50 භික්ෂු ආවාස සංකීර්ණය
  • දහම් පාසැල් ගොඩනැගිල්ල
  • වෙනත් නඩත්තු කටයුතු සඳහා

ශ්‍රී අරණ විහාරය පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

ඔබ පුණ්‍යාධාර තැන්පත් කිරීමෙන් අනතුරුව කරුණාකර මෙම ෆෝර්මය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
සෙනසුරාදා, පොහොය හෝ විශේෂ ලොව්තුරු අරණ ධර්ම දේශනා සඳහා දහම් පඬුරු පූජාවට දායකත්වය ලබා දීම

ලොව්තුරු අරණ දහම් මණ්ඩපය හරහා සෙනසුරාදා දිනවල දී මෙන්ම පොහොය දිනයන්හි සහ වෙනත් විශේෂ අවස්ථාවල සිදුකරන ධර්ම දානමය කටයුතු වෙනුවෙන් දහම් පඬුරු පූජාවක් සිදුකර පින්වත් ඔබගේ දායකත්වය ලබාදීමේ මහඟු අවස්ථාව ඔබ සැමට තිබෙනවා. ඒ සඳහා ඔබට ඇති හැකි අයුරින් මුදල් පිරිකර පූජාවකින් සම්බන්ධ වී මේ උතුම් සාසනික මෙහෙවරට රුකුලක් වී, පරාර්ථය සලසා දී ස්වාර්ථය සලසා ගැනීමට අප්‍රමාදී වන්න!
එවැනි දිනවල සිදුකරන එම දහම් පඬුරු පූජාවන් ගෞරවනීය සුසිලවංශ ස්වාමින් වහන්සේගේ අභිමතය පරිදි එම ආරාමයේ සිව්පසය සහ උතුම් සාසනික මෙහෙවර කටයුතු උදෙසා යොමු කෙරෙනු ඇති.
පොහොය දිනයන්හි දී ධර්ම දානයට අමතරව ගරු ස්වාමින්වහන්සේට සහ සහභාගි වන පින්වත් පිරිස වෙනුවෙන් හීල් දානය, දහවල් දානය, ගිලන්පස දානය ආදිය පූජා කිරීම වෙනුවෙන් වන වියදම් සඳහා දායකවීමටත් ඔබට හැකියාව ඇත.
මේ සඳහා වැඩි විස්තර ලබාගැනීමට අපට ලියන්න; LowthuruAranaMaga@gmail.com

ඔබ පුණ්‍යාධාර තැන්පත් කිරීමෙන් අනතුරුව කරුණාකර මෙම ෆෝර්මය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න.

ගෞරවණීය මාපලගම සුසිලවංශ ස්වාමින්වහන්සේ විසින් සම්පාදිත නිවන යනු මනසේ නිවීමයි දහම් පොත මුද්‍රණය කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, මෙම Google Form එක පුරවා අපට ලැබෙන්න සලස්වන්න.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නෙල්කා ගුණවර්ධන මහත්මිය (+447810864035) අමතන මෙන් කරුණාවෙන් දැනුම් දෙමු.

ඔබ පුණ්‍යාධාර තැන්පත් කිරීමෙන් අනතුරුව කරුණාකර මෙම ෆෝර්මය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න.

ගෞරවනීය ස්වාමින්වහන්සේ විසින් භාවිතා කරන තාක්ෂණික මෙවලම්වල නඩත්තුව සඳහා සහ ලොව්තුරු අරණ වෙබ් අඩවිය, මෘදුකාංගය, ඒවායේ සත්කාරක හා තාක්ෂණික කටයුතු මෙන්ම ඒවායේ නඩත්තුව සඳහා වාර්ෂිකව යම් දායකත්ව ගාස්තුවක් ගෙවීමට සිදුවෙයි. එහි බරපැන පියවීමට කැමති නම් ඔබට ඒ සඳහා මෙම F4 අරමුදල හරහා දායක විය හැකියි.

ඔබ පුණ්‍යාධාර තැන්පත් කිරීමෙන් අනතුරුව කරුණාකර මෙම ෆෝර්මය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න.

ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම පුණ්‍ය කටයුත්තක් සඳහා ලොව්තුරු අරණ F5 – පොදු අරමුදල හරහා දායක විය හැකියි.

ඔබ පුණ්‍යාධාර තැන්පත් කිරීමෙන් අනතුරුව කරුණාකර මෙම ෆෝර්මය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න.

ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන්ගේ ප්‍රභාමත් පටිභාන හැකියාව විදහාපාන, අතිශය හරවත් බෞද්ධ ගීත වරින්වර උන්වහන්සේගේ අතින් නිර්මාණය විය. උන්වහන්සේ විසින් ගිහි කළ රචනා කළ බෞද්ධ ගීත 3ක් සහ පැවිදි වූ පසුව මෑතකදී රචනා කළ බෞද්ධ ගීත 2ක් මෙම වෙබ් අඩවිය තුල ද පෙළගස්වා ඇත.

උන්වහන්සේ විසින් රචිත තවත් එවැනි හරවත් ගීත නිර්මාණයන් සංගීතයෙන් පණ පොවා මිනිස් සිත් සතන් සනසවාලන්නට ලොව්තුරු අරණ S අරමුදල හරහා ඔබටත් දැන් දායක විය හැකියි.

ඔබ පුණ්‍යාධාර තැන්පත් කිරීමෙන් අනතුරුව කරුණාකර මෙම ෆෝර්මය පුරවා අප වෙත ලැබීමට සලස්වන්න.

මුදල් තැන්පතු විස්තර එවීමේදී අප සමඟ පණිවුඩ හුවමාරුවට අපගේ පහත email ලිපිනය පමණක් යොදාගන්න LowthuruAranaMaga@gmail.com

වෙනත් මේ හා සමාන ලිපිනයන් භාවිතා කරමින් හෝ වෙනයම් කුමන ආකාරයකින් හෝ වංචාවන් සිදුකිරීමේ ඉඩ කඩ ඇති නිසා ඒ ගැන ප්‍රවේශම් වන්න. ඒ සමඟම මෙවැනි දේ සඳහා ස්වාමීන් වහන්සේගේ,  ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ හෝ ලොව්තුරු අරණ සංවිධායක මඩුල්ලේ නාමයන් භාවිතා කරමින් වෙනත් කිසිවකු මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින වග දැනගතහොත් කරුණාකර ඒ බව අපට වහාම දන්වන්න.

ලොව්තුරු අරණ සංවිධායක මණ්ඩලයෙන් පිටත අයවලුන් සමඟ කෙරෙන මූල්‍යමය හෝ වෙනයම් කිසිම පුද්ගලික හෝ සාමූහික ගනුදෙනු සම්බන්ධව ලොව්තුරු අරණ සංවිධායකයින් මැදිහත් නොවන අතර, එවැනි ගනුදෙනු පිළිබඳව කිසිසේත්ම අපට වගකීමට හෝ සොයාබැලීමට නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු

නිවනම පූර්ණ වෙත්වා!

සුඛී භවස්සු දීඝායු, තෙරුවන් සරණයි!

ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයේ කලණ මිතුරන්!