අමතං දදන්ති ධම්මමනුසාසති ~ ධර්මය දෙන්නා අමෘතය දෙන්නා වේ
සකල ලෝක සත්වයාම අනවරත මරණයේ දුක්ඛිත ගොදුරක් වී මේ රුදුරු ඝෝරතර භයංකාර සසරේ අගක් මුලක් නොදන්නා වූ ගමනක නිරත වෙති. සෑම අත්භවයකම අවසානයේ උරුමය මරණයමයි! සියලු ලෝ සතුන් මොහොතක් පාසාම මරණය කරාම ගමන් කරති. සත්වයා මරණයේ බන්ධනයෙන් මුදා හැරීමේ පරම උත්තරීතර කර්තව්‍යය උදෙසාම අසමසම බුදුවරු ලොව පහළ වෙති.
පාලියෙන් මත යනු මෘත – මළ – මරණීය යන්නයි. අමත යනු අමෘත – නොමළ – අමරණීය යන්නයි. ජරා මරණ සදහටම නිමා කිරීමට මග පෙන්වන්නා වූ ධර්මය වූ කලී අසමසම තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලොවට දේශනා කරන්නා වූ ලොව්තුරු සද්ධර්මයයි! එම පරම උත්තරීතර ලොව්තුරු සද්ධර්මය ලොවට බෙදාදීම යනු ලෝක සත්වයාට සදාතනික අමරණීයත්වය ළඟා කරදීමයි, සත්වයා සියලු දුකින් අත මුදවා අජරාමර නිවන් ශාන්තිය උරුම කරදීමයි!
ලොව්තුරු අරණ දහම් මණ්ඩපය හා සබැඳි පින්වත් ශ්‍රාවක ඔබගේ නොමසුරු ධන පරිත්‍යාග හා ආධාර උපකාර ඇතිව උතුම් සම්මා සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා 2021 වසරේ වෙසක් මස වැඩ ඇරඹි ශ්‍රී අරණ විහාරයේ මූලික අදියරේ ඉදිකිරීම් කටයුතු දැනට සිදු කෙරෙමින් පවතියි. අසරණ අනාථ ලෝක සත්වයා බියකරු සසර දුකින් අතමිදවීමට අති මහත් වෙහෙසක් ගෙන, උත්තරීතර නිවන් මග ලොව්තුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවට අනුවම දේශනා කරන ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දානමය කටයුතු සහ උතුම් සාසනික මෙහෙවර වෙනුවෙනුත්, සිව්දිගින් වඩින සිව්වනක් පිරිසගේ පරිහරණය උදෙසාත් පිදෙන මෙම උතුම් ආරාම පූජා පිංකමේ ඉදිරි කටයුතු සඳහා අත හිත දීමට පින්වත් ඔබට අවස්ථාවක් උදාවී ඇත.
පරම නිර්මල ශ්‍රී සද්ධර්මය ලොව පුරා පතුරුවා හරින අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් බිහි කිරීම අප සැමගේ අරමුණයි. දෙස් විදෙස් ශ්‍රද්ධා බුද්ධිසම්පන්න බෞද්ධ ජනතාවට නිසි ලෙස ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා වන උපරිම පහසුකම් සහිත ජාත්‍යන්තර ධර්ම ශාලාවකින් යුත් මෙම නව ආරාම පරිශ්‍රය, ශුද්ධ වූ අනුරාධපුර පූජා භූමියට යාබද කටුකැලියාව ගම්මානය මධ්‍යයේ පසුගිය වසරක් පුරා ඉදිවෙමින් පවතියි. මෙම විහාර කර්මාන්තය ඉක්මනින් නිමා කර, අසරණ මනුෂ්‍ය වර්ගයාට මේ භයංකාර ඝෝර කටුක සසර දුකෙන් සදහටම නිදහස්වීම උදෙසා අතහිත දීමට එක්වී පින්වත් ඔබටද එතුළින් නිරුපද්‍රිතව අප්‍රමාදීව උතුම් නිවන් මග වඩා පූර්ණය කර ගැනීම පිණිස ඉහළම නිශ්‍රය උපනිශ්‍රය සලසාගත හැකිය. මෙය ඔබට හිමිවන පරම දුර්ලභ අවස්ථාවකි!
ලොව්තුරු අරණ දහම් මණ්ඩපය හරහා ඔබ අප සැම දෙන ලබා ගත් නිවීම සැනසීම, ලෝ වැසි සියලු සත වෙත ලබා දීම පරම අභිලාෂය සේ සලකා මෙම උතුම් ආරාම පූජා පුණ්‍ය කටයුත්ත නිමාකර සම්බුදු සසුන වෙත පූජා කිරීමට අවශ්‍ය මූල්‍යාධාර සකසා ගැනීම උදෙසා පින්වත් ඔබ සැමට ඇති හැකි අයුරින්, අතහැරීම පෙරදැරිව, ධන පරිත්‍යාගයක් කිරීමට ඉදිරිපත්වන ලෙස සැදැහැ සිතින් ආරාධනා කර සිටිමු!
මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් ඔබගේ පරිත්‍යාග මුදල් තැන්පත් කිරීමට ගරු කිවුල්දෙණියේ ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ නමින් ඇති පහත සඳහන් බැංකු ගිණුම පමණක්ම භාවිතා කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමු. එම ගිණුමේ තැන්පතු සහ වියපැහැදම් ගරු සුසිල ස්වාමින් වහන්සේ පූර්ණ අධීක්ෂනය සහ අනුශාසනා මත සිදුවන බව කරුණාවෙන් සලකන්න.
ගිණුම් විස්තරය
නම: ගරු කිවුල්දෙණියේ ධම්මපාලි (Ven. Kiwuldeniye Dhammapali)
ගිණුම් අංකය: | a/c No.121552198893 | Sampath Bank | Kurunegala Metro Branch | Bank code 7278 | Branch code 215 | Bank’s SWIFT code if needed is BSAMLKLX |
උතුම් ආරම පූජාව සදහා මුදල් ප්රේෂනයේදී /තැන්පතුවේදී හැකිනම් ලබන්නාගේ අනු අංකය ලෙස F1 සමඟ ඔබේ නමේ කොටසක් යොදන්න. F1 යනු Fund 01 (උදා. F1-JagathK)
මුදල් තැන්පතු විස්තර එවීමේදී අප සමඟ පණිවුඩ හුවමාරුවට අපගේ පහත email ලිපිනය පමණක් යොදාගන්න; LowthuruAranaMaga@gmail.com
වෙනත් මේ හා සමාන ලිපිනයන් භාවිතා කරමින් හෝ වෙනයම් කුමන ආකාරයකින් හෝ වංචාවන් සිදුකිරීමේ ඉඩ කඩ ඇති නිසා ඒ ගැන ප්‍රවේශම් වන්න. ඒ සමඟම මෙවැනි දේ සඳහා ස්වාමීන් වහන්සේගේ හෝ ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ නම පාවිච්චි කරමින් වෙනත් කිසිවකු මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින වග දැනගතහොත් කරුණාකර ඒ බව අපට වහාම දන්වන්න.
ලොව්තුරු අරණ සංවිධායක මණ්ඩලයෙන් පිටත අයවලුන් සමඟ කෙරෙන මූල්‍යමය හෝ වෙනයම් කිසිම පුද්ගලික හෝ සාමූහික ගනුදෙනු සම්බන්ධව ලොව්තුරු අරණ සංවිධායකයින් මැදිහත් නොවන අතර, එවැනි ගනුදෙනු පිළිබඳව කිසිසේත්ම අපට සොයාබැලීමට හෝ වගකීමට නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු.
මුදල් තැන්පත් කල පසුව, පහත Form එක හරහා එහි සඳහන් අවශ්‍ය විස්තර අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මුදල් ලැබුණු බවට ස්වාමින් වහන්සේ හරහා අප දනුවත් වූ පසු එය ඔබට තහවුරු කිරීමේ පහසුව උදෙසා කරුණාකර හැමදෙනාම මෙම ෆෝර්මය පුරවා අප වෙත එවීමට කටයුතු කරන්න.
Please feel free to fill this form in English, if that is more convenient for you.
නිවනම පූර්ණ වෙත්වා!
සුඛී භවස්සු දීඝායු, තෙරුවන් සරණයි!
ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයේ කලණ මිතුරන්!