උතුම් ධර්ම දානය පිණිසයි !

සියලු ආස්‍රව නසන නිවැරදි නිවන් මග

හැඳින්වීම...!

අති පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දහම් කරුණු විග්‍රහයන් එකතු කොට සකස් කරන ලද මෙම වෙබ් අඩවිය, පරිගණකය හෝ ජංගම දුරකථනය ඔස්සේ ලෝකවාසී සියලු ශ්‍රාවකයින් වෙත විවිධ මාධ්‍යයන් (video, audio, e-books, images, document, web, email, chat, links) හරහා එම ධර්ම විග්‍රහයන් පහසුවෙන් ලබා ගත හැකි අන්දමින් සකසා ඇත. සියලුම දේශනා මෙම වෙබ් අඩවිය තුලදීම ලබා හැකි ලෙස සංවර්ධනය කර ඇත. සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවී සැනසෙත්වා!

නිවනම නාථයි, නිවනම වෙත්වා!

ලොව්තුරු අරණ දහම් පණිවිඩය

අනවරාග්‍ර සංසාරයක් පුරාවට මොහොතක් මොහොතක් පාසාම අසාර වූ දුක්ඛස්කන්ධයන් නැවත නැවත ගොඩනගමින් යන්නා වූ ඝෝර කටුක අසාර නින්දිත භව ගමනින් ලෝක සත්ත්වයන් මුදවාලීම උදෙසා ම සියලු ලෝක සියලු සත්ත්වයන් කෙරෙහි අනන්ත වූ අපරිමිත වූ මහා කරුණාවෙන් අසිරිමත් ලොව්තුරු අමාමෑණී සම්මා සම්බුදුපියාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරන ලද්දා වූ ඒ අමා ශ්‍රී සද්ධර්මය ඉතාමත් නිවැරදිවත් නිරවුල්වත් සියලු ඉන්ද්‍රියයන්ට ගෝචර වන සේ උපමා උපමේය උපයෝගී කරගනිමින් විස්ථාරණය කොට සරලව පෙළ දහමට විනයට සූත්‍රයට මනාව ගැලපෙන සේ දේශනා ප්‍රාතිහාර්යයෙන් යුතුව අති පූජනීය මාපලගම සුසිලවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරන්නට සහ සාකච්ඡා කරන්නට යෙදුනා වූ උතුම් නිවනටම උපකාරි වන්නාවූ සදහම් කරුණු සියලු ලෝ සතුන්ගේ හිත සුව පිණිස ම නිවී සැනසීම පිණිස ම මෙසේ ලොව්තුරු අරණ දහම් මණ්ඩපය හරහා ඉදිරිපත් කරන්නෙමු.

සියලු ලෝක සියලු සත්ත්වයෝ උතුම් නිවනින් නිවී සැනසෙත්වා!

තෙරුවන් සරණයි!

~ ලොව්තුරු අරණ දහම් මණ්ඩපයේ කළණ මිතුරන් ~


නිතර අහන ප්‍රශ්න

ඔව්, නිවන් දැකිය හැකියි

ඔබ තුළ ඇති  එහෙත් ඔබ නොදන්නාම කාරණය

දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය නොදැනීමයි, එනම් කාමය දුක බව නොදැනීමයි

නැත, අවබෝධයෙන් පසුව අතහැරී යාමයි

නැත, ආර්‍ය්‍ය සත්‍යය අසා දැනගැනීමෙනි 

නිවිය යුත්තේ ගින්නක් ඇත්නම් පමණි. ඔබතුල ගින්නක් ඇති බව ප්‍රඥාවෙන් දකින්න


 ප්‍රධාන දේශනා 

මෙම වීඩියෝව ප්‍රධාන දේශනා යටතේ ශ්‍රවණය කල යුතු පළමු දේශනාවයි. ප්‍රධාන දේශනා යටතේ සදහම් දේශනා වීඩියෝ එකේ සිට අනුපිළිවෙලට ශ්‍රවණය කිරීමේ පහසුව තකා පෙළගස්වා ඇත. මුල සිටම පිළිවෙලින් ශ්‍රවණය කිරීම සදහා පහළින් ඇති (වැඩිදුර බලන්න) යන්න තෝරන්න. නැත්නම් ඉහල මෙනුබාර් එකෙන් “ප්‍රධාන දේශනා” යන්න තෝරන්න.


පොහොය දේශනා

උතුම් වූ නිවන අරමුණු කරගෙන පොහොය දිනයන්හිදී පවත්වන ලද සදහම් වීඩියෝ දේශනා ශ්‍රවණය කිරීමට “වැඩිදුර බලන්න” තෝරන්න. 


දහම් ගැටළු සහ පිළිතුරු

Q&A ප්‍රශ්න 2000 කට වැඩි ප්‍රමාණයකට පිළිතුරු මෙමගින් ලබා ගත හැක. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට පහත “වැඩිදුර බලන්න” යන්න තෝරන්න. නැත්නම් ඉහල මෙනුබාර් එකෙන් Q&A යන්න තෝරන්න.

ප්‍රකාශන

ඔබ මෙතෙක් අසා දැන අවබෝධ කරගත් ප්‍රායෝගික ශ්‍රී සද්ධර්මය තව කෙනෙකුට අවබෝධ කරලීමට උපකාරයක් ලෙස සරල උපමා උපමේය යොදාගෙන එම දහම් කාරණාව මතුවන පරිදි ඔබට කළ හැකි දහම් නිර්මාණ ‘ලොව්තුරු අරණ’ වෙබ් අඩවිය වෙත පහත ඊමේල් ලිපිනය හරහා ඉදිරිපත් කරන්න.

LowthuruAranaBlog@gmail.com

දහම් පොත්

උතුම් වූ නිවන් මාර්ගය සියලු පින්වතුන්ට සරලව තේරුම් ගැනීමට හැකි වන ලෙස මෙම “ලොව්තුරැ බුද්ධ වන්දනා” පොත ඉදිරිපත් කර ඇත. මෙම පොත කියවීමට, Download කර ගැනීමට සහ මුද්‍රණය සදහා උපදෙස් සදහා “වැඩිදුර බලන්න” යන්න තෝරන්න.   

ලොව්තුරු අරණ මෘදුකාංගය

මෙම මෘදුකාංගය හුදෙක්ම සියලු දානයන්ගෙන් උතුම් දානය වන ධර්ම දානය උදෙසා ම වෙන් වූවක් බැවින් නිසි අයුරින් නිවන් මග සහ නිවන පූර්ණය කරගැනීම පිණිස හැකි උපරිමයෙන් උපයෝගී කරගනු ඇතැයි මෙත්තා මුදිතා කරුණා උපේක්ෂාවෙන් යුක්තව බලාපොරොත්තු වෙමු. 


උදාන වැකි

Sugandi – 2021 Jan

👏👏👏👏🌺🌺🌺🌺🌺පිංවත් සොවාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිද්ද වෙිවා මම මෙි ධර්ම දේශනා නැවත නැවත සේවනය කරනවා සිතේ දාාරනය වෙනතුරුම සේවනය කරමි මෙි සිත දූරන් ගමන් එ්කචරං ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏

Daham Alokaya – 2021 Jan

සාදු සාදු සාදු….. !!! මෙතෙක් කාලයක් දහම් මග සොයමින් විවිධ දහම් කාරනා ඒ ඒ ස්වාමින් වහන්සේලා තේරුම් කර දුන් පරිද්දෙන්ම එයාකාරයෙන්ම අවබෝධ කරමින් පැමිණි මා හට, ඔබ වහන්සේගේ අමෘතය මට ලැබුන පසු, මෙතෙක් මිදුම තුලින් දුටු නිවන් මග, පැහැදිලිව පෙනෙන බව මට දැනෙන්න ගත්තා. 

නිවන් මග දැන් පැහැදිලියි, මට දැන් තියෙන්නේ ඉවසීමෙන් යුක්තව දුටු නිවන් මග හදිසි නොවි සිහියෙන් යුක්තව ගමන් කිරිම පමනයි. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට අප්‍රමාන පින්. ඔබ වහන්සේට ඒ අමා මහ නිවන ඉතා ඉක්මනින්ම පුර්නය වෙත්වා… සාදු සාදු සාදු…ඒ වගේම මේ දුර්ලභ අවස්ථාව ලබා දුන්න, දිල්හාන්, අනුරුද්ධ හා ජයන්ත මහත්තයන්ටත් ඉතා ඉක්මනින්ම නිවන් පුර්නය වෙත්වා…. සාදු සාදු සාදු…!!! තෙර්වන් සරණයි!

Jan Peiris – 2021 Apr

ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් එකට එකක් ආකර්ෂණීයයි ජීවිතෙටම අහපූ නැති ධර්ම කාරණා දෑන ගත්තා පින්වත් කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ධෙර්යය ආරක්ෂාව නිවන් මාර්ගය පුර්ණය වෙවා තෙරුවන් සරණයි අතිවිශිෂ්ටයි


අසිරිමත් බුදු වදන්

දහම් පත්‍රිකා

සිසු දරුවන්

රටේ තරුණ දු දරුවන් වෙනුවෙන් කල දේශනා ගැටළු සහ පිළිතුරු . ශ්‍රවණය කිරීම සදහා පහළින් ඇති (වැඩිදුර බලන්න) යන්න තෝරන්න. නැත්නම් ඉහල මෙනුබාර් එකෙන් “සිසු දරුවන්” යන්න තෝරන්න.

වස් කාලය අවසානයේ දේශනාව

රටේ තරුණ දු දරුවන් වෙනුවෙන් කල දේශනා ගැටළු සහ පිළිතුරු . ශ්‍රවණය කිරීම සදහා පහළින් ඇති (වැඩිදුර බලන්න) යන්න තෝරන්න. නැත්නම් ඉහල මෙනුබාර් එකෙන් “සිසු දරුවන්” යන්න තෝරන්න.


පණිවිඩ / යෝජනා / දහම් ගැටළු

ඔබට ලොව්තුරු අරණ සදහම් මණ්ඩපය වෙත යම් පණිවිඩයක්, යෝජනා, දහම් ගැටළු ඇතුළු කරුණු ඉදිරිපත් කිරීමට මෙම form එක පුරවා send බොත්තම ලබා දෙන්න, අපි ඔබ වෙත හැකි ඉකමනින් පිළිතුරු ලබා දීමට කටයුතු කරන්නෙමු.

විශේෂ නිවේදනය
  • සියළුම පින්වතුන්ගේ කාරුණික අවධානය පිණිසයි මෙහි සඳහන් දහම් දේශනාවල හරය විකෘති වන අයුරින් කොටස් වශයෙන් ගෙන පළකිරීමෙන් වළකින ලෙස මෙත් සිතින් දන්වා සිටිමු. සුදුසු ලෙස කෙටියෙන් සංස්කරණය කළ කොටස් ඔබ පළකරන්නේ නම්, ඒ සමඟ මෙම මූලික දේශනාවේ දිගුව ද (YouTube Link) පළකරන මෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු. එසේ පළකිරීමට ප්‍රථමයෙන් ඒ වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ අවසරය ලබාගැනීමට <lowthuruaranamaga@gmail.com> හරහා ඔබගේ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කරන්න. ධර්ම දානය පිරිසිදුව දීමටත් පිළිගැනීමටත් මෙත් සිතින් මෙම අදහස පිළිගනිත්වා තෙරුවන් සරණයි!

ඔබ පිවිස සිටින්නේ සුත්‍ර දේශනා සහ අභිධර්ම දේශනා ඇතුළු අති විශාල දේශනා දත්ත ගබඩාවකින් සමන්විත වෙබ් අඩවියකටය.

ඔබ නවකයකු නම් ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන් විසින් දැනට සිදුකර ඇති මූලික දහම් දේශනා වලට පළමුව හැකි තරම් සවන්දෙන මෙන්  කාරුණිකව ඉල්ලා සිටිමු.