සනරාමර රාත්‍රිය

 🪷 සනරාමර රාත්‍රිය 🪷

සූවිසි අසංඛ්‍යයක් ලෝ සතුන් නිවා සනසා අජරාමර නිවන් ශාන්තිය උරුම කර දුන් අසමසම මහාප්‍රාඥ මහාකාරුණික තුන් ලෝකාග්‍ර තිලෝගුරු අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා නිර්මල ගාම්භීර ශ්‍රී සද්ධර්මය නැවත නැවතත් පිළිරැව් දෙමින් විරාජමානව මතු වෙමින් උන්වහන්සේගේ අනන්ත ගුණ වැයෙන, බනවර හතරකින් යුත් පුරා පැය 10ක සර්වරාත්‍රික ශ්‍රී සද්ධර්ම දේශනාව සහ සාකච්ඡාව, අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාර අභිනව ධර්ම ශාලාවේ දී සෑම මසකම අවසාන සෙනසුරාදා දිනයේදී සවස 6 සිට ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන්  පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වී ඇත.

බෝසත් චරිතයේ පටන් සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් ගුණ වැයෙන, අලංකාර නවාංග ශාස්තෘ සාසනයේ ආශ්චර්ය අත්භූත ධර්මයන් ධර්මානුකූළව විග්‍රහ වන, සද්ධානුසාරි සහ ධම්මානුසාරි ක්‍රමවේධයන් ගෙන් ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය දේශනා වන, ජාගරියානුයෝගයෙන් අතීතයේ අඳුරු රාත්‍රි ප්‍රභාමත් කළ ඒ නිමල සුපිරිසිදු ලොව්තුරු ශ්‍රී සද්ධර්මය විස්ථාරණය කර දේශනා වන, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පෙරදැරිව සුහදව සදහම් සාකච්ඡාවන් සිදුවන, ප්‍රණීත පිවිතුරු අජරාමර නිවනේ අමරණීය නිවන් දොරටු ඔබට විවර කරදෙන අතිසුන්දර සනරාමර රාත්‍රිය නැවතත් එසේම ගතකර, හැකි අයුරින් ලෝකෝත්තර කුසලය වඩා පූර්ණය කරගැනීමට ඒ භාග්‍යමත් අවස්ථාව පින්වත් ඔබ සියලුම දෙනාට නැවතත් උදා වී ඇත.

ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මූලිකව, ප්‍රඥාව තුල පහළ වූ ඒ මහා කුසල පුණ්‍ය සුයාමය වෙනුවෙන් ශ්‍රී සද්ධර්මයට සවන් දෙමින්, සාකච්ඡා කරමින් ජාගරියානුයෝගයෙන් සිත් ප්‍රභාමත් වන නිදිවර්ජිත ‍රාත්‍රියක් ගත කරමින් සිතේ ඇතිවෙන කෙළෙස් මූලයන් එකිනෙක සිඳලමින් ලෝකෝත්තර සමාධියෙන් යුතුව ගතකිරීමට පින්වත් ඔබ සැමට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිත් පෙරදැරිව ඉතාමත් ගෞරවයෙන් යුතුව මතක් කර සිටිමු.

සියලු සසර දුකින් අත මුදවන, මනස තුල ගොඩනැගෙන සංසාර රෝගයට ඔබට අවශ්‍ය සියලුම ප්‍රතිකාර සමඟින් හවස දානය, ගිලන්පස, සිසිල් පැන්, හීල්දානය ඇතුළු සියලුම සංග්‍රහ වලින් සමන්විත මෙම කළ්‍යාණි දුල්ලභ මහා කුසල පුණ්‍ය සුයාමය උදෙසා ඔබගේ දූ දරු නෑ හිතමිතුරන් සපිරිවරා අප්‍රමාදීව පැමිණ, රුදුරු භව රෝගයෙන් සදහටම අත්මිදෙන ලෙස ඔබ සැමට කරුණා මෙත් සිත් පෙරදැරිව ගෞරව පූර්වකව ආරාධනා කර සිටිමු.

නිවන මූලිකව කටයුතු කරන අපි සැවොම මේ ලද කාලය සහ අවකාශය මනාව පරිහරණය කිරීමෙන් ඒ ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළ අමාමහ නිර්වාණ මාර්ගයේ දෙටු පියවර මැන, උන්වහන්සේ විසින්ම පෙන්වා දුන් ප්‍රණීත පිවිතුරු අජරාමර නිවන් සුවයෙන්ම නිවී සැනසීමට අධිෂ්ඨාන කරගනිමු!!!

💢 ලොව්තුරු අරණ සියලු සදහම් වැඩසටහන් මේ මොහොත දක්වාම පින්වත් ඔබ සැමගේ කාරුණික දායකත්වය නිසාම පූර්ණය වේ. එළඹෙන දෙසැම්බර්  23 වෙනි සෙනසුරාදා ශ්‍රී අරණ විහාරයේ පවත්වන්නට යොදා ගෙන ඇති සනරාමර රාත්‍රිය උදෙසා ඔබගේ නොමසුරු දායකත්වය ඇති හැකි අයුරින්, සත් සිතින් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම උතුම් කුසල රාත්‍රියේ ශ්‍රී අරණ විහාරයේ සැරසිලි, ආලෝකකරණය, බෙර වාදක ශිල්පීන් සහ පැමිණෙන සිව්වනක් පිරිස වෙනුවෙන් දානය සහ ගිලන්පස ආදි පහසුකම් සැපයීම සඳහා ඔබගේ මුල්‍ය දායකත්වය සුදුසු ලෙස යෙදවීමට බලාපොරොත්තු වෙමු

මුදල් තැන්පත් කල යුතු ගිණුමේ විස්තරය

ගිණුම් විස්තරය

නම: ගරු කිවුල්දෙණියේ ධම්මපාලි සිල්මාතාව (Ven. Kiwuldeniye Dhammapali Silmatha)

ගිණුම් අංකය: a/c No.121552198893 Sampath Bank | Kurunegala Metro Branch | Bank code 7278 | Branch code 215 | Bank's SWIFT code if needed is BSAMLKLX |

ලිපිනය: ශ්‍රී අරණ විහාරය, කටුකැලියාව, අනුරාධපුර

මුදල් ප්‍රේෂනයේදී / තැන්පතුවේදී හැකිනම් ලබන්නාගේ අනු අංකය ලෙස SR සමඟ ඔබේ නමේ කොටසක් යොදන්න. (උදා. SR-JagathK)

මුදල් තැන්පත් කල පසුව, මෙම Form එකට පිවිස එහි සඳහන් අවශ්‍ය විස්තර අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මුදල් ලැබුණු බවට ස්වාමින් වහන්සේ හරහා අප දනුවත් වූ පසු එය ඔබට තහවුරු කිරීමේ පහසුව උදෙසා කරුණාකර හැමදෙනාම මෙම ෆෝර්මය පුරවා අප වෙත එවීමට කටයුතු කරන්න.

වැඩි විස්තර ලබාගැනීමට හෝ යමක් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් අපට ලියන්න…
 LowthuruAranaMaga@gmail.com

වෙනත් මේ හා සමාන ලිපිනයන් භාවිතා කරමින් හෝ වෙනයම් කුමන ආකාරයකින් හෝ වංචාවන් සිදුකිරීමේ ඉඩ කඩ ඇති නිසා ඒ ගැන ප්‍රවේශම් වන්න. ඒ සමඟම මෙවැනි දේ සඳහා ස්වාමීන් වහන්සේගේ හෝ ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ නම පාවිච්චි කරමින් වෙනත් කිසිවකු මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින වග දැනගතහොත් කරුණාකර ඒ බව අපට වහාම දන්වන්න.

ලොව්තුරු අරණ සංවිධායක මණ්ඩලයෙන් පිටත අයවලුන් සමඟ කෙරෙන මූල්‍යමය හෝ වෙනයම් කිසිම පුද්ගලික හෝ සාමූහික ගනුදෙනු සම්බන්ධව ලොව්තුරු අරණ සංවිධායකයින් මැදිහත් නොවන අතර, එවැනි ගනුදෙනු පිළිබඳව කිසිසේත්ම අපට සොයාබැලීමට හෝ වගකීමට නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු.

පහත සඳහන් සංවිධායක මඩුල්ලේ සාමාජිකයකු සමඟ මුලින් වට්ස් ඇප් කෙටි පණිවඩයක් හරහා සම්බන්ධ වීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබාගත හැකිය

දිල්හාන්

+1(701)2002830

වසන්ත

+94715662127

අනුරුද්ධ

+353851811186

රොෂාන්

+94773015468

ජයන්ත

+393288586540

තමාරා

+94718143879 

ප්‍රථම වරට සංවිධානය කරන ලද සනරාමර රාත්‍රියේ පින්තූර පහතින් බලන්න

සියලු සත්වයෝ ශාන්ත පිවිතුරු අජරාමර නිවන් සුවයෙන්ම නිවී සැනසෙත්වා…!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼