ශ්‍රී අරණ විහාරය

ආරාමය ගොඩනැගීමේ ප්‍රධාන අරමුණ: 

ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේ විසින් ශ්‍රාවකයන් කිහිප දෙනෙකුට නිවන් මග විවර කර දීම සඳහා දහම් සකච්ඡාවක් කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ කොරෝනා වසංගත කාලයේ 2020 නොවැම්බර් මස 07 වන දින ආරම්භ කළ ලොව්තුරු අරණ දහම් මණ්ඩපය, මුල් දිනයේදීම ලොව පුරා දහම් පිපාසාවෙන් සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බුද්ධ ශ්‍රාවකයන් අතර ප්‍රචලිත වීම, ඒ සියලුම පින්වතුන්ගේ සංසාරික පාරමිතාවන්ට අනුකූළව සිදුවිය. 

ප්‍රථම දිනයේදීම, ස්වාමින් වහන්සේගේ අනුමැතිය ඇතිව යූටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කිරීමට ද, ඉන් අනතුරුව සෑම සෙනසුරාදා දිනකම සූම් තාක්ෂණය සහ ලොව්තුරු අරණ යූටියුබ් නාලිකාව ඔස්සේ, ප්‍රශ්න විචාරාත්මක දහම් සාකච්ඡාවක් ලෙස සතිපතා පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වීම ලොව පුරා විසිරී සිටින පාරමිතා ඇති, පාරමී වඩන සියලුම පින්වතුන්ගේ පුණ්‍ය මහිමයෙන් මනාව හේතු සකස් වීමකි.  අසිරිමත් බුදු පියාණන් වහන්සේගේ අතිපාරිශුද්ධ හද මඬලේ බුද්ධ අධිෂ්ඨානයන්ගේ බල ගැන්වීම අනුව, ගැට පිට ගැට වැටී පැටලී තිබූ විවිධාකාර දහම් කාරණා අතිශයින් ම සරල ලෙස කාලීන උපමා උපමේය සහිතව විවිධ පරියායන් ඔස්සේ විග්‍රහ කිරීමට ගෞරවනීය සුසිලවංශ ස්වාමින් වහන්සේගේ  අපරිමිත පාරමිතා ශක්තියට හැකිවිය.

අනුරාධපුරය ශුද්ධ නගරයේ,  පූජා භූමියේ මහ සෑයට නුදුරින් පිහිටි කටුකැලියාව ගම්මානය වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති, මිහිඳු මහරහතන් වහන්සේ, මහාරිට්ඨ මහරහතන් වහන්සේ, සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ, අනුලා මහරහත් තෙරණින් වහන්සේ වැනි ආර්‍යයන් වහන්සේලා දහස් ගණනක් වැඩ වාසය කළ ඓතිහාසික පුණ්‍ය භූමියකි.

 

බොහෝවිට කටුකැලියාව කුඩාබෝධිය සසුන ආරාමයේ කුඩා බුදු මැදුරේ ද වරෙක උන් වහන්සේගේ කුටියේ ද සිටම, විටින්විට ඇති වූ විවධාකාර බාධක මැද දේශනා නිසි පරිදි පවත්වන්නට නො හැකි වීම නිසා  පිංවත් දායකයන් විසින් ම ඒ පිළිබඳව විමසා බලා ඔවුන්ගේ නොමසුරු පරිත්‍යාගයෙන් කටුකැලියාව ගම්මානයෙන් පටන්ගෙන මුළු ලොවට ම ශ්‍රී සද්ධර්මය බෙදාහැරීම සඳහා නව ආරාමයක් ඉදිකිරීමට පියවර ගනු ලැබීය.

එලෙස මූලික වශයෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට පහසු, සුදුසු ඉඩකඩක් ඇති, නිෂ්ශබ්දව සෝතාවධානයෙන් යුතුව ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළහැකි පරිසරයක ධර්ම ශාලාවක් සහ ස්වාමින්වහන්සේට කුටියක් නිර්මාණය කිරීමක් ලෙස ආරම්භ කෙරුණු ශ්‍රී අරණ විහාරය, අවංකව මගවැඩීමට වෙර දරණ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බුද්ධ ස්‍රාවක පිරිසකට ඉඩ පහසුකම් සැලසෙන විහාරයක් ලෙසින් ඊළඟ පියවරක් ලෙසට කාමර 10කින් යුතු ආවාස ගෙයක්, ඉඩ පහසුකම් ඇති නවීන දාන ශාලාවක්, පිරිසිදු වීමට ශෝධනාගාරයක්, දහම් ශාලා මණ්ඩපයක්, බෝධිඝරයක් සහ චෛත්‍යයන් වහන්සේ නමක් ලෙස ක්‍රමානුකූලව විකාශනය විය. 

කරුණා සාසනය සහ ප්‍රඥා සාසනය සමබරව නියෝජනය කරමින්, බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ දී ධර්මයට හා විනයට අනුකූලව පිළිපැදි, සත්‍යයාවබෝධය තුලින් ම හික්මීමෙන් සිත දමනය කිරීමේ ආදර්ශමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන, අසිරිමත් සම්මාසම්බුද්ධ ස්පර්ශය ලද, පෙර දහස් ගණනින් අරහතන් වහන්සේලා විසූ අනුරාධපුර අටමස්ථාන ශුද්ධ භූමි පරිශ්‍රය තුලම, ප්‍රතිපත්ති පූජාවම පෙරදැරි ව, සාසන උන්නතිය උදෙසාම පමණක් ගොඩනැගෙන මෙම ශ්‍රී අරණ විහාරය, උත්තරීතර නිවන් සුවය අත්විඳිය හැකි සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමේ සමාරම්භක පියවරයි.

ශ්‍රී අරණ විහාරය ඉදිවෙන්නේ කටුකැලියාව ගම මැද පිහිටා තිබෙන ගමේ පාසැල ඉදිරිපිට වීම ද වැදගත් වන්නේ ළමා මනසට ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්‍යමත් නිවන් දොරටු විවර කර දීමට වඩාත් පහසුවෙන් ඉඩ සැලසෙන බැවිනි.

මහා සෑ රඳුන්, ශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථාන වැඳපුදා ගැනීමට අනුරාධපුර ශුද්ධ නගරයට පිවිසෙන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පහස ලැබීමටත් විවේකීව සදහම් සුවය විඳිමින් කාලය ගත කිරීමටත් පහසුවන පරිදි ඉදිරියේදි උද්‍යානයක්, විවේකාගාරයක් සහ රථ ගාලක් ලෙස වැඩිදුරටත් ඉදිකිරීම් කෙරෙනු ඇත.

ශ්‍රී අරණ විහාරයට නම තැබීම

උතුම් බුද්ධ ඥාන 73 න් 6ක් ෂඩ් අසාධාරණ ඥානයන් වේ. ඉතිරි ඥාන 67 බුද්ධ ශ්‍රාවකයන්ට ද පහළ වන බුද්ධ ඥාන වන අතර ඉන් එක් බුද්ධ ඥානයක් අරණ විහාරි ඥානය නමින් හැඳින්වෙයි.

අරණ යනු ලෝක වැඩපිළිවෙළින්, කාර්යය බහුල බවින් මිදී, හුදෙකලාව නිෂ්ශබ්දව විවේකය ඇසුරු කිරීමේ ඥානය යි. විහාරි යනු වාසය කිරීම යි.

මේ අදහස අනුව අරණ ඥානය ඇතිව නිවන් දැකීමේ අරමුණ ඇතිව එන පිංවතුන්ටත්, පුණ්‍ය විහරණය පිණිස පින් රැස් කර ගැනීමට එන පිරිසටත්, එසේ ඔවුන්ගේ ලෝකෝත්තර සහ ලෞකික පැතුම් ඉටුකර ගැනීමේ උත්කෘෂ්ඨ අරුත් ඇතිව, සැමට වැඩ පිණිස හේතු වන ශුද්ධ ස්ථානයක් බැවින් එලෙස ශ්‍රී අරණ විහාරය යැයි නම් තබන ලදී.

ඉදිරි කාලයේ දි ඉදිකිරීමට නියමිත ගොඩනැගිලි

අසිරිමත් ශ්‍රී සද්ධර්මය වඩාත්ම උචිත අන්දමින් සෝතාවධානයෙන් යුතුවම ශ්‍රවණය කිරීමටත් විවේක නිශ්‍රිත සමාධියෙන් යුක්තව සාකච්ඡා කිරීමටත් සුදුසු වන පරිදි සුනාථනා සෝතාවධානාඝරය ලෙස අභිනව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් ඉදිවෙමින් පවතියි. එලෙසම, ඒ අසිරිමත් තුන්ලෝකාග්‍ර මහාප්‍රාඥ බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් වූ ඒකායන ලෝක විද්‍යාව අනුවම විවිධාකාර සියලු විද්‍යාවන් අභිබවා යන විචාරශීලි ව්‍යක්ත බුද්ධි සම්පන්න බුද්ධ ශ්‍රාවකයන් පිරිසක් බිහිකිරීම අරමුණු කොටගෙන ඉදිවන කාමර 50ක සංඝාවාසයක් ඉදිකිරීමට සහ ළමා පරපුර වෙනුවෙන් සෑම ඉරිදා දිනකම පැවැත්වීමට නියමිත දහම් පාසල් ගොඩනැගිල්ල ද ඉදිරියේදි නිමකිරීමට බලාපොරොත්තු වේ. 

ශ්‍රී අරණ විහාරයේ වීඩියෝවට මෙතනින් පිවිසෙන්න.

ප්‍රතිපත්ති පූජාව මූලික ධර්ම දානයට අමතරව, බුදුසසුනේ සැබෑ චිරස්තිථිය උදෙසා ඉදිවෙන මෙම සියලුම ඉදිකිරීම් උදෙසා, ඇති හැකි අයුරින් අතහැරීම පෙරදැරිව සැදැහැ සිත් ඇතිව සහභාගි වීමට ඔබ සැමට කෙරෙන විවෘත ආරාධනාවයි මේ!

 

ගිණුම් විස්තරය

නම: ගරු කිවුල්දෙණියේ ධම්මපාලි සිල්මාතාව (Ven. Kiwuldeniye Dhammapali Silmatha)

ගිණුම් අංකය: a/c No.121552198893 Sampath Bank | Kurunegala Metro Branch | Bank code 7278 | Branch code 215 | Bank's SWIFT code if needed is BSAMLKLX |

ලිපිනය: ශ්‍රී අරණ විහාරය, කටුකැලියාව, අනුරාධපුර

මුදල් ප්‍රේෂනයේදී / තැන්පතුවේදී හැකිනම් ලබන්නාගේ අනු අංකය ලෙස F1 සමඟ ඔබේ නමේ කොටසක් යොදන්න. F1 යනු Fund 01 (උදා. F1-JagathK)

මුදල් තැන්පත් කල පසුව, මෙම Form එකට පිවිස එහි සඳහන් අවශ්‍ය විස්තර අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මුදල් ලැබුණු බවට ස්වාමින් වහන්සේ හරහා අප දනුවත් වූ පසු එය ඔබට තහවුරු කිරීමේ පහසුව උදෙසා කරුණාකර හැමදෙනාම මෙම ෆෝර්මය පුරවා අප වෙත එවීමට කටයුතු කරන්න. 

වැඩි විස්තර ලබාගැනීමට හෝ යමක් තහවුරු කර ගැනීම සඳහා අපට ලියන්න; LowthuruAranaMaga@gmail.com

වෙනත් මේ හා සමාන ලිපිනයන් භාවිතා කරමින් හෝ වෙනයම් කුමන ආකාරයකින් හෝ වංචාවන් සිදුකිරීමේ ඉඩ කඩ ඇති නිසා ඒ ගැන ප්‍රවේශම් වන්න. ඒ සමඟම මෙවැනි දේ සඳහා ස්වාමීන් වහන්සේගේ හෝ ධම්මපාලි මෙහෙණින් වහන්සේගේ නම පාවිච්චි කරමින් වෙනත් කිසිවකු මුදල් පරිත්‍යාග ඉල්ලා සිටින වග දැනගතහොත් කරුණාකර ඒ බව අපට වහාම දන්වන්න.

ලොව්තුරු අරණ සංවිධායක මණ්ඩලයෙන් පිටත අයවලුන් සමඟ කෙරෙන මූල්‍යමය හෝ වෙනයම් කිසිම පුද්ගලික හෝ සාමූහික ගනුදෙනු සම්බන්ධව ලොව්තුරු අරණ සංවිධායකයින් මැදිහත් නොවන අතර, එවැනි ගනුදෙනු පිළිබඳව කිසිසේත්ම අපට සොයාබැලීමට හෝ වගකීමට නොහැකි බව කාරුණිකව දැනුම් දෙමු.

පහත සඳහන් සංවිධායක මඩුල්ලේ සාමාජිකයකු සමඟ මුලින් වට්ස් ඇප් කෙටි පණිවඩයක් හරහා සම්බන්ධ වීමෙන් ඔබට වැඩිදුර විස්තර ලබාගත හැකිය

දිල්හාන්

+1(701)2002830

වසන්ත

+94715662127

අනුරුද්ධ

+353851811186

රොෂාන්

+94773015468

ජයන්ත

+393288586540

තමාරා

+94718143879