ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයට අලුතින් එක්වූ ඔබව අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමු!

තෙරුවන් සරණයි !

► ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දහම් කරුණු විග්‍රහයන් එකතු කොට සකස් කරන ලද මෙම වෙබ් අඩවිය, පරිගණකය, ටැබ් හෝ ජංගම දුරකථනය ඔස්සේ ලෝකවාසී සියලු ශ්‍රාවකයින් වෙත විවිධ මාධ්‍යයන් (video, audio, e-books, images, document, web pages, email, chat, links) හරහා එම ධර්ම විග්‍රහයන් පහසුවෙන් ලබා ගත හැකි අන්දමින් සකසා ඇත. සියලුම දේශනා, තොරතුරු, දත්ත මෙම වෙබ් අඩවිය තුලදීම ලබා ගත හැකි වන ලෙස සංවර්ධනය කර තිබේ. ලොව්තුරු අරණ ප්‍රධාන YouTube නාලිකාව මෙන්ම කෙටි දේශනා සහිත අනෙකුත් නාලිකාවන් වල දේශනා ද (Videos, Mp3) මෙම වෙබ් අඩවියට ඇතුලත් කර ඇති අතර එම සියලු දේශනා භාවිතා කරන්නට පහසු වන ආකාරයට අර්ථවත්ව පෙළගස්වා ඇත. එසේම එම දේශනා පහසුවෙන් සොයා ගැනීමට (Search) හැකි වන ලෙස සකසා තිබේ.

ගෞරවනීය මාපලගම සුසිලවංශ හිමියන් විසින් දැනට සිදුකර ඇති මූලික දහම් දේශනා වලට පළමුව හැකි තරම් සවන්දෙන මෙන් ඔබෙගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ආරම්භයක් ලෙස ඔබ තව දුරටත් ඇසිය යුතු, උතුම් ශ්‍රී සද්ධර්මයේ මූලික දහම් කරුණු අඩංගු ශ්‍රී සද්ධර්ම දේශනා කිහිපයක් පහතින් දැක්වේ.

ස්වාමින් වහන්සේගේ මූලික දහම් විග්‍රහයන් සහ ශ්‍රාවකයන්ගේ ගැටළු හරහා මතු වූ දීර්ඝ දහම් විග්‍රහයන් මෙම වෙබ් අඩවියේ මෙනු එකේ “දේශනා” යටතේ “ප්‍රධාන දේශනා” තුල ඇතුලත් වන අතර පොහොය දේශනා සහ වෙනත් විශේෂ දේශනා ද පහසුවෙන් ශ්‍රවණය කළ හැකි වන පරිදි සකසා ඇත. 

ප්‍රධාන දේශනා

ප්‍රධාන දේශනා අනුපිළිවෙලින් ශ්‍රවණය කිරීම සඳහා මෙම වෙබ් පිටුව සකසා ඇත. එම ප්‍රධාන දේශනාවන්ගේ අන්තර්ගතය හෙවත් සදහම් සාරය ඇතුලත් වන පරිදි කුඩා කොටස්වලට සකස් කරන ලද කෙටි දේශනාවන් ද මේ වෙබ් පිටුවෙහි මාතෘකා ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ. එම මාතෘකා මත click කිරීමෙන් එම කෙටි දේශනාවන් ශ්‍රවණය කල හැක. මෙම සියලු දේශනා Mp3 ලෙස Download කර ගැනීමට සහ Share කිරීමට හැකි ලෙස සකසා ඇත. ප්‍රධාන දේශනාව තුල සඳහන් කිරීමට හෝ විග්‍රහ කිරීමට යෙදුණු සූත්‍ර කාණ්ඩ ප්‍රධාන දේශනාවට පහළින් දක්වා තිබේ.

පිවිසෙන්න

පොහොය දේශනා

සියලු පොහොය දේශනා සඳහා මෙම වෙබ් පිටුව සකසා ඇත. එම සියලු දේශනා හඳුනා ගැනීම පිණිස වර්ෂය සහ පොහොය දිනයේ නම එම වෙබ් පිටුවෙහි සඳහන් කර තිබේ. මෙම සියලු දේශනා Mp3 ලෙස Download කර ගැනීමට සහ Share කිරීමට හැකි ලෙස සකසා ඇත. එම පොහොය දේශනාව තුල සඳහන් කිරීමට හෝ විග්‍රහ කිරීමට යෙදුණු සූත්‍ර කාණ්ඩ අදාළ පොහොය දේශනාවට පහළින් දක්වා තිබේ.

පිවිසෙන්න

විශේෂ සදහම් දේශනා

විශේෂ අවස්ථාවන් වලට වැඩමකර සිදු කළ දේශනා වෙනුවෙන් මෙම වෙබ් පිටුව සකසා තිබේ. මෙම සියලු දේශනා Mp3 ලෙස Download කර ගැනීමට සහ Share කිරීමට හැකි ලෙස සකසා ඇත. එම විශේෂ දේශනාවන් තුල සඳහන් කිරීමට හෝ විග්‍රහ කිරීමට යෙදුණු සූත්‍ර කාණ්ඩ එම දේශනා වලට පහළින් දක්වා ඇත.

පිවිසෙන්න

► මෙම වෙබ් අඩවිය තුල සියලුම ප්‍රධාන දේශනා, පොහොය දේශනා සහ විශේෂ සදහම් දේශනා තුල අන්තර්ගත වන දහම් පරියායන් හඳුනා ගැනීම පිණිස අදාල මාතෘකාවන්ට (Categories) බෙදා වෙන් කර ඇත. තවද එම දේශනා තුල එකිනෙකට සමාන දේශනා හඳුනා ගැනීම පිණිසද සමාන වචන (Tags, Keywords) යොදා ඇත. එම වෙබ් පිටුවට පිවිසීම සඳහා ඉහළ මෙනු එකේ දේශනා යටතේ ප්‍රධාන මාතෘකාවන් තෝරන්න.

ගෞරවනීය මාපලගම සුසිලවංශ ස්වාමින් වහන්සේ විසින් දැනට නිකුත් කර ඇති දහම් පත්‍රිකා ලබාගැනීමට (pdf files) ඉහළ මෙනු එකේ ප්‍රකාශන යටතේ පත්‍රිකා යන්න තෝරන්න. සියලු දහම් පත්‍රිකා e-book ආකාරයට කියවීමට සහ Download කර ගැනීමට පහසුකම් සලසා ඇත.

► ශ්‍රාවක නිර්මාණ මෙම වෙබ් අඩවිය තුල පල කිරීම හෝ ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අපට ලියන්න LowthuruAranaBlog@gmail.com

ඌව රේඩියෝ (FM 97.6) සේවය හරහා සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8.00 – 9:00 පැයේ දී විකාශනය වන පැයේ ධර්ම දේශනා නැවත ශ්‍රවණය කිරීම සඳහා: ◈ YouTube Playlist

► ලොව්තුරු අරණ සදහම් මණ්ඩපයේ සදහම් දේශනා, දහම් පොත් සහ පත්‍රිකා එක්තැන් කර සෑදූ ලොව්තුරු අරණ App එක ද ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ install කරගන්න.

 ⨁ ලොව්තුරු අරණ App මෘදුකාංගය ස්ථාපන උපදෙස් (App installation guide):

ගෞරවනීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ විසින් කාය විවේකය හෝ කාල වේලාව ගැන නොසලකා ඉමහත් පරිශ්‍රමයකින් දේශනා කරන ලද පිවිතුරු තථාගත ශ්‍රී සද්ධර්මය ඔබට ඉතාමත් පහසුවෙන් සොයාගෙන ශ්‍රවණය කිරීමට හෝ පරිශීලනය කළහැකි වන පරිදි මෙම ලොව්තුරු අරණ වෙබ් අඩවිය මනා ලෙස සකස්කොට ඉදිරිපත් කර ඇත. එනිසා කාල වේලාව වෙන්කරගෙන, හැකිතරම් මීට කලින් සිදුකර ඇති දේශනා තුළින් ලොවුතුරු ශ්‍රී සද්ධර්මය පිළිවෙළකට ශ්‍රවණය කර මනා දහම් අවබෝධයක් ලබාගෙන, ඉන්පසුවත් අපැහැදිලි තැන් ඇත්නම්, සහ මග වැඩීමේදී මතුවන ගැටළු ඇත්නම්, සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස 4:00 ට පැවැත්වෙන ලොව්තුරු අරණ Zoom දහම් සාකච්ඡා මණ්ඩපය ට සජීවි ව සම්බන්ධ වී, ඍජුවම එම ගැටළු නිරාකරණය කරගැනීමට ඔබට හැකියාව තිබේ.

www.zoom.us/join
Zoom ID: 280 230 9543
Passcode: 212

එම සාකච්ඡාව ලොව්තුරු අරණ ප්‍රධාන YouTube නාලිකාව හරහාසජීවීව විකාශනය වේ

► මෙම දහම් මණ්ඩපයේ යාවත්කාලීන කරන ලද විස්තර මෙම වෙබ් අඩවිය හරහා ඉදිරියේදී ඔබට ලබා ගත හැකියි.

මෙම දැනුවත් කිරීම් දැනට ප්‍රමාණවත් යැයි සිතමු. වෙන යම් ප්‍රශ්න හෝ තවදුරටත් දැනගැනීමට යමක් ඇත්නම් LowthuruAranaMaga@gmail.com ඊමේල් ලිපිනය හරහා අපට ලියන්න.

නිවනම නාථයි, නිවනම වෙත්වා!

~  ලොව්තුරු අරණ දහම් මණ්ඩපයේ කළණ මිතුරන්  ~